Tuesday, April 10, 2018

මේ සයුරු මානේ - රාජ් වික්‍රමසිංහ

Me Sayuru Mane - Raj Wickramasinghe

මේ සයුරු මානේ මා තනිවෙලා...///

මේ නැව්තලේ සිර වෙලා
මා පාළුවේ තනි වෙලා
හද වේදනා නොදී  සඳේ
සැඟවෙන් නිශා තලාවේ

මේ සයුරු මානේ මා තනිවෙලා

සීත සුළඟේ පාව එන්නේ සුවඳයි මතකයේ
හසුනක සැඟවී මා හඬවාලා මුමුණයි හඬ ඔබේ
දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ
කවදා කෙලෙසින් ඔබ වෙත එන්නේ වද දෙයි සිත මගේ
ප්‍රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුළින් ජීවිතේ


සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ
තාරකා මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ
දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා
සිත සතපවනා නැව්තොට පෙනිලා ආශා පිබිදුණේ
මිනිසෙකු වනු මිස දෙවියෙකු නොව මා වටහා ගනු මැනේ


මේ සයුරු මානේ මා තනිවෙලා...//


මේ නැව්තලේ සිර වෙලා
මා පාළුවේ තනි වෙලා
හද වේදනා නොදී  සඳේ
සැඟවෙන් නිශා තලාවේ

මේ සයුරු මානේ මා තනි වෙලා

ගායනය: රාජ් වික්‍රමසිංහ
ගී පද: සුනිල් බොතේජු
සංගීතය: අර්නි පීරිස්

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...