Monday, April 2, 2018

සතර වරම් දෙවි මහරජ - ඩබ්ලිව්. ඩී. අමරදේව

Sathara Waram Devi Maharaja - W.D. Amaradeva

සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්...//

පළා පෙති බැඳන් ගෙල වට 
හංස පියාපත් සලමින...//

නුඹේ පා යටින් 
සඳකඩපහණ පායලා
බ්‍රහස්පතී තාරකාව 
මුදුන් වී සරත් නුබ ගැබ

ස්වර්ණමාලි මහ සෑ අග 
කොත් පලන්දලා...//

සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්...//

කලා වැව් දියේ උත්පල 
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට...//

අප්සරාවියන් ලෙන් දොර 
බලා හිඳිනවා
වලාහක දෙවිඳු 
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස

ඉසුරුමුණි විහාරය ළඟ 
අන්න හිඳිනවා...//

සතර වරම්.....//

ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: ඩබ්ලිව්.ඩී. අමරදේව 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...