Thursday, February 23, 2017

තරු අරුන්දතී - ඩබ්ලිව්. ඩී. අමරදේව

Tharu Arundathi - W.D. Amaradeva

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිනි පොදක් සෙමෙන් සලනා...

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුණා
අලුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් සුළ‍ඟේ
මට තනියක් දැනුණා...

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේ ද මට සිතුණා...

වැළපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා...

පිපි මලින් මලේ රොන්සුණු විසිරී
හද රිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේ ද මට සිතුණා...

කොයි ගියේ ද මට සිතුණා////


ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පීරිස්


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...