Monday, August 3, 2015

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ

Penena Nopenena Duraka Indan - Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්

ආවාට නොකියා ම ජීවිතෙන්
නවතින්න හිතුවා ද ආයෙමත් ආදරෙන්...//

දකින හිමි වන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා...

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියා ම ජීවිතෙන්
නවතින්න හිතුවා ද ආයෙමත් ආදරෙන්...

මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුණා
රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුණා...

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.....

ගායනය: ආත්මා ලියනගේ
 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...