Tuesday, July 7, 2015

කරුණා සුවඳ - නිහාල් නෙල්සන්

Karuna Suwanda - Nihal Nelson

කරුණා සුවඳ තවරා ලූ හද පියුමේ
ම‍වගේ සෙනෙහස යි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාට ද අද අම්මේ
කාට ද මම අම්මේ...

ලේ කිරි ‍කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දණ ගාගෙන යනකොට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන් කරලා
‍ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරෙදී ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ

කරුණා සුවඳ.....

බඩගිනි වීලා හැඬු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්වලා
මම ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඬ ගහලා
පුතා කියූ අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට
මම ත් නිවන් දකිනෙම් අම්මේ

කරුණා සුවඳ.....

ගායනය: නිහාල් නෙල්සන්


Monday, July 6, 2015

ඇරඹුම ම කඳුළක් වෙලා - කසුන් කල්හාර

Aranbuma ma Kandulak Wela - Kasun Kalhara

ඇරඹුම ම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුර ත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුම ම කඳුළක් වෙලා.....

ගායනය: කසුන් කල්හාර
ගී පද: දිලීප අබේසේකර

 

Saturday, July 4, 2015

කෙදින ද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිණී

Kedinada Koodu Hadannata Enne - Niranjala Sarojini

කෙදින ද කූඩු හදන්නට එන්නේ
කෙදින ද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ....

බිඳුණු සෙනේ දලු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....

දෙපය දොවා පිනි දිය දෝරේ
පිය බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවදේ තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....

කෙදින ද කුඩු හදන්නට එන්නේ.....

ගායනය: නිරංජලා සරෝජිණී
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්



Friday, July 3, 2015

පුංචි පුතා මගෙ - ඇන්ජලීන් ගුණතිලක

Punchi Putha Mage - Anjeline Gunathilake

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ...
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ...

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙකු වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වුණ මොහොතේ
පුංචි ඇස් දෙකේ
කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට
මෙන්න වැටෙන්නට...

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ...

සෙනෙහස ම හදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී
පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි
ලස්සන මුහුණයි

පුංචි පුතා මගෙ.....

ගායනය: ඇන්ජලීන් ගුණතිලක
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන



Thursday, July 2, 2015

මා ඔබ ළඟ අම්මේ - රූකාන්ත ගුණතිලක

Ukulata Nawath - Rookantha Gunathilaka

මා ඔබ ළඟ අම්මේ...

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ...
මා ඔබ ළඟ අම්මේ...

කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවණැල්ලක් වෙයි
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟ අම්මේ...

උකුලට නාවත්.....

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවණේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ළඟ අම්මේ...

ගායනය: රූකාන්ත ගුණතිලක

සුළඟේ පාවී - මිල්ටන් මල්ලවආරච්චි

Sulange Paavee - Milton Mallawaarachchi

සුළඟේ පාවී... ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්...

පාසලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ...

සුළඟේ පාවී.....

ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පත යි ඔබේ නෙතින්
හෙළූ බැලුම් ප්‍රියේ...

සුළඟේ පාවී.....

ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

Wednesday, July 1, 2015

අපි කවුරුද - සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ

Api Kavuruda - Sangeeth & Wayo

සී  සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ
නැතිවෑ
හුදකලාවෙ තනි වී සිටියම
සිහින ආකරේක වැටුණා වාගේ
නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී...
සුළඟ සේ...

මොහොතින් මොහොතට.......

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ගායනා: සංගීත් විජේසූරිය ප්‍රමුඛ Wayo
ගී පද: සේනක බටගොඩ
සංගීතය: සේනක බටගොඩ



ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...