Friday, March 9, 2018

විරාග රාගය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා

Viraga Ragaya - Amarasiri Peiris, Amal Perera

විරාග රාගය අතරේ 
තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට 
පුදා පරාජය
විරාග රාගය අතරේ 
තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් 
මගේ සරාගය...

ඔබ අඩවන් නෙතු 
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ 
මනසින් බිඳ හල දා 
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු 
නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුනිවර 
මනසින් පෙම්කළ දා 
ඈ අසරණ වූවා...

විරාග රාගය.....

නුරා එගිනි දලු 
ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ 
තනුවක් කර ගත් දා 
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති  
ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ 
දිවිය කතරක් වූ දා 
ඈ මවෙතට ආවා...

විරාග රාගය.....

ගායනය: අමරසිරි පීරිස්, අමල් පෙරේරා
ගී පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: සුරේෂ් මාලියද්ද

Tuesday, March 6, 2018

පාතිමා - කරුණාරත්න දිවුල්ගනේ

Pathima - Karunaratne Divulgane

මරතෝඬිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කතෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා...

වාංගු හඬ පූජාවේ තුන් යමට ම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනව ද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනව ද හිත දොරකඩ තියලා...

මරතෝඬිය රටා ඇඳී.....

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ එහි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

මරතෝඬිය රටා ඇඳී.....

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගී පද: මහින්ද චන්ද්‍රසේකර
තනුව: ගුණදාස කපුගේ

Wednesday, February 28, 2018

රාත්‍රිය මම වෙමි ය - ගුණදාස කපුගේ

Rathriya Mama Wemiya - Gunadasa Kapuge

රාත්‍රිය මම වෙමි ය
සුදු සුමුදු මල් කැකුළ
පිනිබරව හෙට උදෑසන පිපෙන
මල් කැකුළ
ගනඳුරේ සැඟව ඇති
ශාන්‍තිය හා නින්ද
ඔබට පුද දී දෙනත
පියා හිඳිනෙමි සොඳුර

මලක් වී හෙට උදේ
ඔබ පිපෙන සුබ මොහොත
කලක් සිට මම බලාගෙන
හිඳිමි පිය කැකුළ
වසන්තය සේ පැමිණ
හොරෙන් යම් කිසි දිනෙක
ඔබේ පෙති අතර පිනි
බිඳක් වී සැඟවෙමි ය

රාත්‍රිය මම වෙමි ය.....

ඔබ එළිය වූ මොහොත
මම අඳුර වෙමි සොඳුර
ඔබ ජලය වූ සඳෙහි
මම පවස වෙමි නිබඳ
දිග ම දිග රාත්‍රිය
සෙමෙන් පියවර මනිත
ඵලක් වී නෙත් හරින
ඒ ප්‍රභාතය ඔබය

රාත්‍රිය මම වෙමි ය.....

ගායනය: විශාරද ගුණදාස කපුගේ
ගී පද: ඩබ්.ඒ. අබේසිංහ
සංගීතය: විශාරද ගුණදාස කපුගේ

Monday, February 26, 2018

පැන මඩ කඩිති - සුනිල් එදිරිසිංහ

Pena Mada Kadithi - Sunil Edirisinghe

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

Tuesday, February 20, 2018

නෙතු දැහැන් බිඳී - එඩ්වඩ් ජයකොඩි

Nethu Dehen Bindee - Edward Jayakody

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝනඳුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී.....

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැළුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී.....

ගායනය: එඩ්වඩ් ජයකොඩි
ගී පද: සරත් ආනන්ද ඩිරෙක්ස්
සංගීතය: කලණි පෙරේරා 


Monday, February 19, 2018

ලොව නිසසල වී - නිරංජලා සරෝජිනී

Lowa Nisasala Wee - Niranjala Sarojini

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී.....

අනුන් සිටින විට විමසිලි දෑසින් 
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී.....//

ගායනය : නිරංජලා සරෝජිනී
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක 

Thursday, February 15, 2018

දඟගෙයි දඬුවම් - විජය කුමාරතුංග

Danga Geyi Danduwam - Vijaya Kumarathunge

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අළුගෝසුවනේ එල්ලාපන් 
අළුගෝසුවනේ එල්ලාපන් 
කටු ඉඹුලේ අප එල්ලාපන් 

යුක්තිය උදෙසා කෑ මොර දීමයි...//
දඟගෙයි ලෑමට අප සැම කළ පව 
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල 
දනිව් සුවහසක් තව උපදින බව...

වරදට එරෙහිව අවි ඔසවන්නේ...// 
රටකට දැයකට හිත ඇති මිනිසුන් 
ශාන්තිවාදී තපස් රකින්නේ 
පිට කොඳු බිඳගත් ඔළමොළ නිවටුන්...

දඟගෙයි දඬුවම්.....

ගායනය: විජය කුමාරතුංග
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ගුණදාස කපුගේ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...