Tuesday, February 20, 2018

නෙතු දැහැන් බිඳී - එඩ්වඩ් ජයකොඩි

Nethu Dehen Bindee - Edward Jayakody

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝනඳුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී.....

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැළුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී.....

ගායනය: එඩ්වඩ් ජයකොඩි
ගී පද: සරත් ආනන්ද ඩිරෙක්ස්
සංගීතය: කලණි පෙරේරා 


Monday, February 19, 2018

ලොව නිසසල වී - නිරංජලා සරෝජිනී

Lowa Nisasala Wee - Niranjala Sarojini

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී.....

අනුන් සිටින විට විමසිලි දෑසින් 
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී.....//

ගායනය : නිරංජලා සරෝජිනී
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක 

Thursday, February 15, 2018

දඟගෙයි දඬුවම් - විජය කුමාරතුංග

Danga Geyi Danduwam - Vijaya Kumarathunge

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අළුගෝසුවනේ එල්ලාපන් 
අළුගෝසුවනේ එල්ලාපන් 
කටු ඉඹුලේ අප එල්ලාපන් 

යුක්තිය උදෙසා කෑ මොර දීමයි...//
දඟගෙයි ලෑමට අප සැම කළ පව 
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල 
දනිව් සුවහසක් තව උපදින බව...

වරදට එරෙහිව අවි ඔසවන්නේ...// 
රටකට දැයකට හිත ඇති මිනිසුන් 
ශාන්තිවාදී තපස් රකින්නේ 
පිට කොඳු බිඳගත් ඔළමොළ නිවටුන්...

දඟගෙයි දඬුවම්.....

ගායනය: විජය කුමාරතුංග
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ගුණදාස කපුගේ

Saturday, February 10, 2018

ගීතයක සැබෑ හිමිකරු කවුද?

ගීතයක අයිතිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතවාදමය තත්ත්වයක් මෙරට තුළ උද්ගත වී තිබේ.

මීට පෙර සංගීත නිර්මාණ ශිල්පීන්, පද රචකයින් සහ ගායන ශිල්පීන් තුන් පත් රෑනක් සේ එකට බැඳී සිටිය ද මුදලෙහි බලය ඉස්මතු වී මේ පාර්ශව තුන එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටීම ජාතියේ අභාග්‍යයකි.

ගීතයක අයිතිය සංගීත නිර්මාණකරුවා, පද රචකයා සහ ගායකයා යන පාර්ශව තුනට ම අයත් බවට මෙතෙක් පිළිගැනිණි.

ගායන ශිල්පියාට ගීතයේ අයිතියක් හිමි බව එච්. ආර්. ජෝතිපාලගේ සහ තවත් ගායකයින් කිහිප දෙනෙකුගේ නිර්මාණ සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුවලින් ද තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, තනු නිර්මාණකරු සහ පද රචකයා පමණක් ගීතයේ අයිතිය උසුළන බවට මතවාදයක් මේ වන විට මතුව ඇත.

ඒ අනුව, තනු නිර්මාණකරුවන් සහ පද රචකයින් තර්ක කරනුයේ ගීතය ගයමින් ගායකයා මුදල් උපයන බැවින් ඔහු උපයන මුදලින් කොටසක් තමන්ට හිමි විය යුතු බවට ය.

මේ වන විට ප්‍රවීණ ගායකයින් කිහිප දෙනෙකු ගැයූ ගීතවලට ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ගායකයා ගීත ගයමින් මුදල් උපයන බව සැබෑවකි. එහෙත්, තනු නිර්මාණකරු සහ පද රචකයා වෙහෙස වනුයේ එක් වරක් පමණි. ගායකයා මුදල් උපයනුයේ ගීත යළි යළිත් ගැයීමෙනි.

අනෙක් අතට, ගායකයෙකු ගීතයක් නොගයා සිටී නම් තනු රචකයාට සහ පද රචකයාට සිය නිර්මාණ හමස් පෙට්ටියේ තබාගෙන උඩ බලාගෙන සිටිනු හැර කළ හැකි අන් යමක් නැත.

මේ හේතුවෙන්, ගායකයාට ගීයක අයිතිය හිමි නැති බවට තර්ක කිරීම යුක්ති යුක්ත නොවේ.

තව ද, යම් ගායකයෙකු පෙර ගයන ලද අවස්ථාවලට අදාළව වන්දි මුදල් ඉල්ලීම ද සාධාරණ නැත. ඉදිරියේදී මුදල් උපයන අවස්ථා වෙනුවෙන් යම් කොටසක් ගායකයා සමග ඇති කරගන්නා ගිවිසුමක් මත ලබා ගැනීමේ හැකියාව සෙසු නිර්මාණකරුවන්ට තිබේ.

මෙම අර්බුදය හොඳින් අවසන් නොවුණහොත් ගායකයින් තමන්ගේ පද රචනා ගැයීමට යොමු වනු ඇත. එය ගීතවල සාහිත්‍යමය අගය හීන වීමට බලපානු ඇත.

Wednesday, January 10, 2018

සඳ මිදුලට එනවා - මර්වින් පෙරේරා

Sanda Midulata Enawa - Mervin Perera

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා...//

ඈ ඉන්නෙ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ...//

ඈතට ඈ යාවි සීතට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

සඳ මිදුලට එනවා.....

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ...//

රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ

සඳ මිදුලට එනවා...//

ගායනය: මර්වින් පෙරේරා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මර්වින් පෙරේරා

Tuesday, January 9, 2018

සැමදා ඔබ ළඟ ඉන්නම් - කුමාරසිරි පතිරණ

Samada Oba Langa Innam - Kumarasiri Pathirana

සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා ‍රැක ගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබට ම සෙනෙහෙ පුදන්නම්...//

දෑඟිලි බැඳ අපි එක ම රන් හුයෙන්
මතු කවදා හෝ එකතු වෙමූ
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉඳිමූ

සැමදා ඔබ ළඟ ඉන්නම්.....

එකසිත ඇතිනම් අපමණ බාධක
ආවත් කම් නෑ මුහුණ දෙමූ
මතු භවයේ නොව මේ භවයේදි ම
එකට එක්වෙලා සිනාසෙමූ

සැමදා ඔබ ළඟ ඉන්නම්.....

ගායනය: කුමාරසිරි පතිරණ
ගී පද: කුමාරසිරි පතිරණ
සංගීතය: කුමාරසිරි පතිරණ

Thursday, December 21, 2017

ආවාට තිබුණත් - නිමල් ගුණසේකර

Awata Thibunath - Nimal Gunasekera

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකර යි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසක යි
එතරම් අහිංසක යි

මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ...//
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙළා ගත්තේ

ආවාට තිබුණත් නිසසල සඳ මත.....

සදාකාලයෙන් සදාකාලයට
අපිට උරුම නැත දුක්‌ කඳුළු...//
මැලවුණු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා

ආවාට තිබුණත්.....

ගායනය: නිමල් ගුණසේකර
ගී පද: නිමල් ජූලිගේ
සංගීතය: නිමල් ගුණසේකර

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...