Wednesday, February 1, 2017

අපි සැනසිල්ලේ - වායෝ

Api Sanasille - Wayo

උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගීවල තාලෙන් නැළවුණු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇළ දොළ ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං ...///

ගායනය : සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ

Tuesday, January 31, 2017

පියමන් කෙරුවෙමු - සෝමතිලක ජයමහ/ නීලා වික්‍රමසිංහ

Piyaman Keruwemu - Somathilake Jayamaha
                                       Neela Wickramasinghe

පියමන් කෙරුවෙමු මහ‍ වේ මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු - නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට...//

නිල් තණ පළසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම් කෙළි කවට සිනාවයි...//
මල් නැටුමයි - කළ ගෙඩි නැටුමයි
මගේ දෑස තුළ යළිත් ඇඳේවි ද...//

පියමන් කෙරුවෙමු...//

නෙත කඳුළින් හසකැනින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මන මත් කළ...//
මගෙ කෙළිලොල් විය ගෙවුණු වගයි
මා හැදු පාසල් මවුනි දායාදර...//

පියමන් කෙරුවෙමු...//

ගායනය: සොමතිලක ජයමහ/ නීලා වික්‍රමසිංහ



Tuesday, January 24, 2017

ආදරය ද මේ... - ඩබ්ලිව්. ඩී. අමරදේව

Adarayada Me... - W. D. Amaradeva

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරය ද මේ...
හිරු රහසේ කියා දුන්නු ආදරය ද මේ...

නිල් කටරොළු නිල නැහැවුණු
මල් බර මුදු සුව රැඳවුණු
තොල්පෙති මල් පළඳා ලන ආදරය ද මේ...
නුඹ රහසේ කියා දුන්නු ආදරය ද මේ...

ගිමන් හරින ......

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව 
ගී පද : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන



Friday, July 29, 2016

දෙතොලග සිනහා - ආචාර්ය වික්ටර් රත්නායක

Detholaga Sinaha - Dr. Victor Ratnayake

දෙතොලග සිනහා - ආදර කැල්මෙන් නැහැවේ
පෙම් රස අනා... අමුණයි සුන්දරතාවේ
නුවනග බැලුම් - නිහඬව ගැයු ගී රාවේ
මධු රස පිරේ... සවනත මී විත යාවේ...

දේදුනු දෙබැමී නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඩ සඳ පහනේ...

දෙතොලග සිනහා.....

ලෝ තුළ සදා මියයන මල් පිපි සෙවණේ
ඔබ මට මදාරා මලෙකිය පිය ළඳුනේ...

දෙතොලග සිනහා.....

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගේය පද: ඩබ්. එම්. ටී. බණ්ඩාර
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක


 

Monday, July 11, 2016

තව දවසක් - කීර්ති පැස්කුවෙල්

Thawa Dawasak - Keerthi Pasquel

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬූ තරම් කියන්න හීං සැරේ...
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජීවිතේ...පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ...ගීයක් වගේ

තව දවසක් හමු වී.....

ගායනය: කීර්ති පැස්කුවෙල්
ගී පද: සජිත් වී. චතුරංග
සංගිතය: රදීෂ් වැන්දබෝනා

Friday, July 8, 2016

ආරාධනා - ඩබ්ලිව්. ඩී. අමරදේව

Aradhana - W. D. Amaradeva

ආරාධනා... ආරාධනා...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා... ආරාධනා...


නෙළූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා... ආරාධනා...
 

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...
 

ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව
රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ

 

('ආරාධනා' චිත්‍රපටයෙන්)

Monday, August 3, 2015

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ

Penena Nopenena Duraka Indan - Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්

ආවාට නොකියා ම ජීවිතෙන්
නවතින්න හිතුවා ද ආයෙමත් ආදරෙන්...//

දකින හිමි වන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුණා...

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියා ම ජීවිතෙන්
නවතින්න හිතුවා ද ආයෙමත් ආදරෙන්...

මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුණා
රංචු ගැහෙනා රැනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුණා...

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.....

ගායනය: ආත්මා ලියනගේ
 

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...