Tuesday, January 31, 2017

පියමන් කෙරුවෙමු - සෝමතිලක ජයමහ/ නීලා වික්‍රමසිංහ

Piyaman Keruwemu - Somathilake Jayamaha
                                       Neela Wickramasinghe

පියමන් කෙරුවෙමු මහ‍ වේ මැද්දෙන්
පෙම් බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
ශිල්ප උගත්තෙමු - නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔබ හැර යන්නට...//

නිල් තණ පළසෙහි ගැටුණ දෙපාවයි
කෝල හැඟුම් කෙළි කවට සිනාවයි...//
මල් නැටුමයි - කළ ගෙඩි නැටුමයි
මගේ දෑස තුළ යළිත් ඇඳේවි ද...//

පියමන් කෙරුවෙමු...//

නෙත කඳුළින් හසකැනින් මුවා කළ
සොඳුරු පැතුම් පුරවා මන මත් කළ...//
මගෙ කෙළිලොල් විය ගෙවුණු වගයි
මා හැදු පාසල් මවුනි දායාදර...//

පියමන් කෙරුවෙමු...//

ගායනය: සොමතිලක ජයමහ/ නීලා වික්‍රමසිංහ



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...