Tuesday, January 24, 2017

ආදරය ද මේ... - ඩබ්ලිව්. ඩී. අමරදේව

Adarayada Me... - W. D. Amaradeva

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරය ද මේ...
හිරු රහසේ කියා දුන්නු ආදරය ද මේ...

නිල් කටරොළු නිල නැහැවුණු
මල් බර මුදු සුව රැඳවුණු
තොල්පෙති මල් පළඳා ලන ආදරය ද මේ...
නුඹ රහසේ කියා දුන්නු ආදරය ද මේ...

ගිමන් හරින ......

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව 
ගී පද : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...