Friday, October 20, 2017
Monday, October 16, 2017
Thursday, October 12, 2017
මේ තරම් කඳුළු වැල් - කරුණාරත්න දිවුල්ගනේ/ ජානකී දිසානායක
Me Tharam Kandulu Wel - Karunaratne Divulgane
පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...
ගැ: ජීවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි
කී කතා ළඟින් ඉඳන් පෙර දා සිතේ නැගෙයි
පි: නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
තැවෙන්න ඒ දුකින්
පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...
පි: වෙන් වෙලා නොයන්නෙමූ දිවුරා කියූ මුවින්
වෙන්වෙමූ කියන්නෙ දැන් කොහෙදෝ අපේ සිතුම්
ගැ: දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්
හඬන්න සෝ දුකින්
පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ/ ජානකී දිසානායක
ගී පද: සෝමදාස සූරියආරච්චි
සංගීතය: ගුණදාස කපුගේ
පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...
ගැ: ජීවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි
කී කතා ළඟින් ඉඳන් පෙර දා සිතේ නැගෙයි
පි: නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
තැවෙන්න ඒ දුකින්
පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...
පි: වෙන් වෙලා නොයන්නෙමූ දිවුරා කියූ මුවින්
වෙන්වෙමූ කියන්නෙ දැන් කොහෙදෝ අපේ සිතුම්
ගැ: දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්
හඬන්න සෝ දුකින්
පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ/ ජානකී දිසානායක
ගී පද: සෝමදාස සූරියආරච්චි
සංගීතය: ගුණදාස කපුගේ
Wednesday, October 11, 2017
මේ තරම් සියුමැලි ද කළු ගල් - සුනිල් එදිරිසිංහ
Me Tharam Siyumali Da Kalu Gal - Sunil Edirisinghe
මේ තරම් සියුමැලි ද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා...
කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා...
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැන ද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තව ම තනිකඩයැයි කියා
තව ම තනිකඩයැයි කියා...
මේ තරම් සියුමැලි ද කළු ගල්.....
ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: රජී වසන්ත වෙල්ගම
සංගීතය: දර්ශන රුවන් දිසානායක
මේ තරම් සියුමැලි ද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා...
කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා...
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැන ද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තව ම තනිකඩයැයි කියා
තව ම තනිකඩයැයි කියා...
මේ තරම් සියුමැලි ද කළු ගල්.....
ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: රජී වසන්ත වෙල්ගම
සංගීතය: දර්ශන රුවන් දිසානායක
Wednesday, September 6, 2017
පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චි
Pera Eka Dawasaka - Milton Mallawarachchi
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවක
යළි අප හමුවේවා
යළි අප හමුවේවා...
ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑළවරින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කළාවේ
පෙර එක දවසක.....
එක ම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එක ම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
පෙර එක දවසක.....
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
ගී පද: උපාලි ධනවලවිතාන
සංගීතය: සරත් දසනායක
පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවක
යළි අප හමුවේවා
යළි අප හමුවේවා...
ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑළවරින් ඔය
තවත් ලොවක් ඔබ එළිය කළාවේ
පෙර එක දවසක.....
එක ම වරක් හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එක ම වරක් නොව එක හෝරාවක
දහස් වරක් මා මනසින් හැඬුවා
පෙර එක දවසක.....
ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
ගී පද: උපාලි ධනවලවිතාන
සංගීතය: සරත් දසනායක
Monday, September 4, 2017
අතීතයේ එක ලස්සන දවසක - මර්සලීන් පතිරණ
Atheethaye Eka - Marselin Pathirana
අතීතයේ එක ලස්සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින්
සේපාලිකා මල් ඉහිරුණ පාරේ
මා තනි වෙන්නම් කඳුළු මැදින්
ජීවිතයේ එක ලස්සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හද ඔබ රිදවනවා
සේපාලිකා මල් සුවඳ මැදින්
අතීතයේ.....
සොඳුරු මගේ ආදර පැතුමක්
කඩා වැටීලා ඔබේ හදින්
බලා නොබලා නොයන් ළඳුනේ
අසරණ වූ දා සෙනේහයෙන්
අතීතයේ.....
ගායනය: මර්සලීන් පතිරණ
අතීතයේ එක ලස්සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින්
සේපාලිකා මල් ඉහිරුණ පාරේ
මා තනි වෙන්නම් කඳුළු මැදින්
ජීවිතයේ එක ලස්සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හද ඔබ රිදවනවා
සේපාලිකා මල් සුවඳ මැදින්
අතීතයේ.....
සොඳුරු මගේ ආදර පැතුමක්
කඩා වැටීලා ඔබේ හදින්
බලා නොබලා නොයන් ළඳුනේ
අසරණ වූ දා සෙනේහයෙන්
අතීතයේ.....
ගායනය: මර්සලීන් පතිරණ
Friday, September 1, 2017
ඉස්සර මා ඔබ - ප්‍රියා සූරියසේන
Issara Ma Oba - Priya Sooriyasena
ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබට ම මා ගැන සැක සිතිලා
වැරදි සොයනව ද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර හැරලා
එවන් තෑනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේ නම්
මගේ දිවිය හැර අනිත් සියලු දේ
කැප කෙරුමට මා සුදානම්
මගේ නිදොස් බව වටහුණ දිනකදි
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැන ගත් පසු මම සැනසිල්ලේ
සැනසෙන්නම් මගෙ දෙනෙත පියා
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබට ම මා ගැන සැක සිතිලා
වැරදි සොයනව ද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා
ඉස්සර මා ඔබ.....
ගායනය: ප්‍රියා සූරියසේන
ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබට ම මා ගැන සැක සිතිලා
වැරදි සොයනව ද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර හැරලා
එවන් තෑනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේ නම්
මගේ දිවිය හැර අනිත් සියලු දේ
කැප කෙරුමට මා සුදානම්
මගේ නිදොස් බව වටහුණ දිනකදි
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැන ගත් පසු මම සැනසිල්ලේ
සැනසෙන්නම් මගෙ දෙනෙත පියා
මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබට ම මා ගැන සැක සිතිලා
වැරදි සොයනව ද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා
ඉස්සර මා ඔබ.....
ගායනය: ප්‍රියා සූරියසේන
Subscribe to:
Posts (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...








